දම්සෝ අවුරුදු දා
සිංහල හා හින්දු අලුත් අවුරුද්දට සමගාමීව,එහි සංස්කෘතික හරයන් අනාගත පරපුර වෙනුවෙන් පවරාදීම අරමුණු කරගනිමින් විද්‍යාලයේ සියලු අංශ නියෝජනය වන පරිදි පවත්වන ලද "දම්සෝ සූර්ය ප්‍රභා 2025" අලුත් අවුරුදු සැමරුම් උළෙල අප්‍රේල් මස 10 හා 11 යන දෙදින විද්‍යාලීය පරිශ්‍රවලදී පැවැත්විණ.
එහි විශේෂත්වය වනුයේ විද්‍යාලයේ ප්‍රාථමික,කනිෂ්ඨ,කනිෂ්ඨ ද්විතීක හා ජ්‍යෙෂ්ඨ යන සියලු අංශ නියෝජනය වන පරිදි මෙම අවස්ථාව සැමරීමයි.
විද්‍යාලයේ දරුවන් මෙන්ම විදුහල්පතිතුමන් ඇතුළු ආචාර්ය මණ්ඩලයද උත්සව අවස්ථාවේ තරග සහ විවිධ අංග සඳහා සහභාගි විය.