අරුණැල්ල - 2025
ධර්මාශෝක විද්යාලයේ වාණිජ අංශය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන "අරුණැල්ල" වාණිජ දිනය මෙවරත් උත්කර්ෂවත් අයුරින් විද්යාලයීය ශ්රවණාගාරයේ දී පැවැත්විණි..
උත්සවයේ ප්රධාන ආරාධිත අමුත්තා ලෙස විද්යාලයීය ආදි ශිෂ්ය දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ මධ්ය පරිමාණ සේවා අංශයේ කොමසාරිස් ඒ. ඩබ්. ප්රදීප් ද සිල්වා මහතා සහභාගි විය .
තවද විශේෂ ආරාධිත අමුත්තන් ලෙස ආදිශිෂ්ය දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්ය කොමසාරිස් වරයෙකු ලෙස සේවය කරන විරාජ් ගුණසේකර මහතා ද කැළණිය විශ්වවිද්යාලයේ ජේෂ්ඨ කතිකාචාර්ය තරිඳු වීරසිංහ මහතා ද වාණිජ විෂය අධ්යක්ෂ ඔමාලි ද වාස්ගුණවර්ධන මැතිණියද සහභාගි වූහ .
තවද කලාපයේ පාසල්වල වාණිජ විෂය ධාරාව හදාරන දරුවන් ද මෙම අවස්ථාව සදහා සහභාගි වූහ.






