අරුණැල්ල - 2025

ධර්මාශෝක විද්‍යාලයේ වාණිජ අංශය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන "අරුණැල්ල" වාණිජ දිනය මෙවරත් උත්කර්ෂවත් අයුරින් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි..
මෙවර වාණිජ දින තේමාව වූයේ "දැනගෙන බදු ගෙවමු- දිරියෙන් රට නගමු " යන්නය.
උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස විද්‍යාලයීය ආදි ශිෂ්‍ය දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ මධ්‍ය පරිමාණ සේවා අංශයේ කොමසාරිස් ඒ. ඩබ්. ප්‍රදීප් ද සිල්වා මහතා සහභාගි විය .
තවද විශේෂ ආරාධිත අමුත්තන් ලෙස ආදිශිෂ්‍ය දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් වරයෙකු ලෙස සේවය කරන විරාජ් ගුණසේකර මහතා ද කැළණිය විශ්වවිද්‍යාලයේ ජේෂ්ඨ කතිකාචාර්‍ය තරිඳු වීරසිංහ මහතා ද වාණිජ විෂය අධ්‍යක්ෂ ඔමාලි ද වාස්ගුණවර්ධන මැතිණියද සහභාගි වූහ .
තවද කලාපයේ පාසල්වල වාණිජ විෂය ධාරාව හදාරන දරුවන් ද මෙම අවස්ථාව සදහා සහභාගි වූහ.


2025-08-04

   Back

Forgot Your Password?